Thursday, July 10, 2008

ඔට්සි

අද ලියන්නෙ මගේ හිතවතෙක් මහත් වෙහෙසක් දරා සොයා ලියන ලද ගවේෂනාත්මක ලිපියක
කොටසක්.මෙහි වැදගත්කම නිසාම ඔහුගෙන් අවසර ලබා ගෙන ලියන්නේ ඔයාලටත් එහි රසය
විඳින්න දීමේ බලාපොරොත්තුවෙන්මයි.ඉතාලියේ ෂෙසානෝ හි දැනට වාසය කරන රන්ජිත් ක්ලැරන්ස්
කොස්තා නම් ඔහු ගුරුවරයෙකි,මාධ්‍යයවේදියෙකි,කවියෙකි,ගීත රචකයෙකි,ඔහුට ස්තුති කරමින්ම
අද සිට ටික ටික ලියන්නම්.

ලොව පැරණිම මමිය ඉතාලියේ ඔට්සි


හිමෙන් වැසී ගිය ඇල්ප්ස් කඳු මතඔට්සිතාල් තැන්නේදී හමු වූ මමිය ඔට්සි ලෙස නම්
කරනු ලැබීය.කාබන් කාල නීර්ණ පරීක්‍ෂණයන්ට අනුව ටූටන් කාමන්ගේ මමියටත් වඩා
වසර දහසකින් වැඩිමහල්ය‍. ඒ අනුව ඔට්සිගේ මමිය වසර පන්දහසකටත් වඩා පැරණි
මමියකි.
ඔට්සි පිළිබඳව මූලික පරීක්‍ෂණ පැවැත්වූවන්ගෙන් බොහෝ දෙනෙකු මේ වන විට
තවමත් අනාවරණය නොවූ හේතූන් මත මිය ගොසය‍.ඔට්සිතාල් තැන්නේම හිම මත
වැටී මිය ගොස් සිටි සයිමන් හෙල්මුට් ගේ සිරුරද පසුගිය වසරේදී සොයා ගන්නා ලදී...
ඉතාලිය භූගෝලීය වශයෙන්................ඉතිරිය හෙට

1 comment:

Anonymous said...

ලිපිය රසවත් බව හැගෙනවා. ඒත් භාගෙට කියපු එක තමා හොඳ නැත්තේ. ඉතුරු ටික ඉක්මනට පල කරන්න. ඔබට ජය. :)