Wednesday, July 16, 2008

ඔට්සි 5

පරීක්‍ෂණය සඳහා සම්භන්ධ වූ කණ්ඩායම් විශ්මයට පත් කරමින් ඔට්සි කියා සිටියේ තමා වසර
පන්දහස් තුන්සියයක් පැරණි බවය. එනම් දැනට ලොව පැරණිම මමිය ලෙස සැලකෙන 1923දී
ඊජිප්තුවේ පිරමීඩයක් තුල තිබී සොයා ගත් ටූටන් කාමන් ගේ මමියටත් වඩා වසර දාහකින් පමණ ඔට්සිගේ මමිය පැරණි විය. ලොව පුරා පුරාවිද්‍යාව පිලිබඳව උනන්දුවක් දක්වන්නන්ගේ දෑස් මේ මමිය වෙත යොමු විය.
මේ අවස්ථාවේ ඉතාලි රජය ඔට්සිගේ මමිය සොයා ගත් ස්ථානය පරීක්‍ෂාකර බලා වහාම වාර්ථාවක් සපයන ලෙස අදාල නිලඬාරීන්ට දැන්වීය. මමිය සොයා ගත් ස්ථානය ඔස්ට්‍රියාවට
අයත්ද නැතිනම් ඉතාලියට අයත්ද යන්න තීරණය කිරීම මේ නිලධාරීන්ට අපහසු විය. හේතුව
වූයේ මේ ප්‍රදේශයේ බිම මත පැහැදිලිව සටහන් වූ අඛන්ඩ දේශ සීමා සලකුණු නොමැති
වීමය. ඇල්ප්ස් කඳු මත දේශ සීමා සලකුණු කර ඇත්තේ එකිනෙකට දුරින් සිටුවන ලද මායිම්
ගල් වලිනි. ඒවා ද නිරන්තරයෙන්ම හිමෙන් වැසී තිබීම නිසා දේශ සීමාව නිශ්චිතවම දැන ගැනීම උගහටය. මෙහි දී පෙනී ගියේ ඔට්සිගේ මමිය සොයාගෙන තිබුනේ ඔස්ට්‍රියවට අයත්
භූමි භාගයේ දී නොව ඔස්ට්‍රියානු ඉතාලි දේශ සීමාවට මීටර් අනූ දෙකක් ඔබ්බෙහි විද්‍යාත්මක
ප්‍රශ්ණ රැසට තවත් දේශපාලනමය ප්‍රශ්නයක් එක් කරමින් මමිය පිලිබඳව තමන්ගේ අයිතිය
ප්‍රකාශ කරන ලදී.මේ අතර ඔට්සිගේ මමිය හා ඔහුගේ මෙවලම් තොගය ක්‍ෂේත්‍රයේ නිපුණ
වූවන්ගේ සියගණනකගේ පරීක්‍ෂණයන්ට ලක් වෙමින් තිබිණි.ඔට්සි උස අඩි පහයි අඟල් හතරක්
වූ පිරිමියෙකි. බර කිලෝ ග්‍රෑම් පනහක් වූ අතර මිය යනවිට වයස අවුරැදු හත්ලිහත් හතලිස් පහත් අතර විය.කොන්ඩය උරහිස දක්වා වැවී තිබුණ අතර රැවුල සෙන්ටි මීටර නමයක් දිගට
වැවී තිබුණි. මනාව වැඩුණු ශක්තිමත් මමියේ අත්වල වලලු කර හා ඉල ඇට ප්‍රදේශයේ කැපුම්
තුවාල විය. තිත් සිහින් ඉරි කෑලි සහ කුරුස ලෙසින් කොටස් කරන ලද පච්ච පනස් අටක්
ඔහුගේ ශරීරය මත විය. මේවා කිසිම මෝස්තරයකට කරන ලද ඒවා නොවීය.
එලු සමින් කල කබාය තමා විසින්ම මසා ගත් එකක් විය. සොයා ගත් පාවහනේ අඩිය සඳහා
වලස් සමක් යොදා ගෙන තිබුණ අතර එහි මතුපිට මුව සම් කැබලි වල් එලු සම් කැබලි හා
වෙනත් විවිඬ සතුන් කීප දෙනෙකුගේ සම් කැබලි එකට තබා මසා ගැනීමෙන් සාදා ගෙන තිබුණ අතර දෙපා උණුසුම්ව තබා ගැනීම සඳහා පාවහන තුලට වියලා ගත් තෘණ වර්ගයක්
අතුරා තිබිණි.

1 comment:

Anonymous said...

අයියෝ මේක හැමදාම මග නවත්තන එක තමයි ඉවසන්ඩ බැරි.......
කොහොම උනත් නිටමයි
දිගටම ලියන්ඩ