Tuesday, July 15, 2008

ඔට්සි 3

දිය වී යන හිම තුලින් මතු පිටට නෙරා තිබුනේ මිනිස් හිසකි. හිමගිරි තරණය කරන්නන්ට මෙය
දුර්ලභ දර්ශණයක් නොවේ.හිම කඳු නැගීමේදී ලෙස්සා වැටී මිය යාමත් හිම නාය යාම් වලට
හසු වී හිමෙන් වැලලී මිය යාමත්,එවන් සිරුරු සොයා ගැනීමට නොහැකි වීමත් බොහෝ විට
සාමාන්‍ය දෙයක් ව පවතී.මෙවන් සිරුරු ස්වාභාවික ලෙස යලිත් හිමෙන් මතුවීමට වසර පනහක්
හැටක් වැනි කාලයක් ගතවේ.මීට පෙර අවස්ථා කිහිපයකදීම,මේ ප්‍රදේශයේ තිබී මෙසේ මිය ගිය
හිම කඳු නගින්නන්ගේ මල සිරුරු හයක් පමණ හමු වී තිබුණි.
සයිමන් යුවල මේ අවස්ථාවේ කල යුතු හා කලහැකි වූ එකම දේ වූයේ තමන් දුටු දේ වහාම
ලඟම වූ පොලිස් ස්ථානයක් වෙත දැනුම් දීමයි.ඒ අනුව ඔවුන් දෙදෙන මල සිරුර සොයා ගත්
ස්ථානයට ලඟින්ම පිහිටි ඔස්ට්‍රියාවේ පොලිස් ස්ථානයක් වෙත තමන්ගේ සොයා ගැනීම දැනුම්
දුන්හ. පොලිස් හෙලිකොප්ටර් යානය ඔට්ස්තාල් තැන්න වෙත පැමිනියේ තනිවම නොවේ.
ඔවුන් සමඟ හිම කඳු තරණයේදී දුෂ්කර තාවන්ට පත්වූවන් මුදා ගැනීම සඳහා විශේෂ පුහුනුව
ලත් ඒකකයක හෙලිකොප්ටර් යානයක්ද විය.
පැමිණි කන්ඩායමේ සමහරැන්ගේ මතය වූයේ මෙය එක් දහස් නමසිය තිස් ගනන් වල කඳු
නැගීමේදී මිය ගිය අයෙකුගේ සිරුරක් විය හැකි බවයි.
දෙවන ලෝක යුද්ධයේදී මිය ගිය සොල්දාදුවෙකුගේ සිරුරක් විය හැකි බව ඇතැමුන් සිතූහ.
කෙසේ වෙතත් ඔවුන්ගේ මුල්ම කාර්‍ය වූයේ මලසිරුර සිර වී සිටි අයිස් තට්ටුවෙන් මුදා ගැනීමය අයිස් තට්ටුව කඩා සිරුර ගොඩට ගත් විට ඔවුන්ට පෙනී ගියේ මේ සිරුරෙහි
යම්කිසි විශේෂත්වයක් ඇති බවය. ඔවුන් වහාම ඔස්ට්‍රියාවේ ඉන්ස්බෘක් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය
පීඨය වෙත මේ බව දැන්වීය.
ඔවුන් වහාම ක්‍රියාත්මක විය.
සිද්ඬිය වූ ස්ථානය වෙත පැමිණි වෛද්‍ය නිලධාරීන්ගේ පලමු නිගමනය වූයේ අදාල ආම්පන්න භාවිතයෙන් තොරව හදිස්සියේ සිරුර ගොඩ ගැනීමට කරන ලද ප්‍රයත්නයේදී
සිරුරට අලාභ හානි සිදු වී ඇති බවය.සිරුරේ අතක කටුවක් පුපුරා තිබිණි.
රහසඟ පෙදෙස ශරීරයෙන් ගැල වී ගොස්‍ ය ඉන්ස්බෘක් විශ්ව විද්‍යාලයේ නිලධාරීන්ගේ ඊලඟ
ප්‍රයත්නය වූයේ මල සිරුර මේ දක්වා වැලලී තිබුණු වාතාවරණයට සමාන වාතාවරණයක
හැකි ඉක්මණින් නැවත තැන්පත් කර තැබීමය.එසේ නොවුන හොත් අයිස් බවට පත් වී තිබුණු
සිරුර අව් රශ්මිය නිසා මෙලෙක් වී අලාභානි සිදු විය හැකි බව ඔවුන්ට පෙනුනි.
වහාම සිරුර අදාල විශ්ව විද්‍යාලයට ගෙන ගොස් විශේෂ අඬි ශීතකරණයක් තුල කෘතිම ලෙස
අවශ්‍ය වාතවරණය මවා,සිරුර ඒ තුල තැන්පත් කරණ ලදී. මේ අතර විශ්ව විද්‍යාලයේ............

2 comments:

Anonymous said...

නොඉවසිල්ලෙන් බලා සිටිමි!

Anonymous said...

දැංනං ඉක්මනට ඉතුරුටික දැන ගන්නයි ඔන. :)