Friday, July 11, 2008

මමිය 2

ඉතාලිය භූගෝලීය වශයෙන් ප්‍රංශයට,ස්විස්ටර්ලන්ට්තයට හාඕස්ට්‍රයාවට මායිම් වන්නේ කිලෝමීටර් එක් දහස් තුන් සීයක් පමණ දිගට විහිදුනු,හිම මිදුනු ඇල්ප්ස් කදු වැටියෙනි.මැයි මස සිට
සැප්තැම්බර් මාසය පමන වන තුරු පවතින ග්‍රීස්ම සමයේ මේ කදු වැටියේ පහත මට්ටම්,හිම දිය වී
නිල් තණ පිට්ටනි බවට පත් උවද,කදු වැටියේ ඉහල මට්ටම් වල කිසිදා සහ මුලින් හිම දිය වී
යන්නේ නැත.මේ කාලයේ පවතින හිතකර දේශගුණයත් ,හිම තරමක් දිය වී තිබීමත් නිසා කඳු
නඟින්නන් ඇල්ප්ස් තරණය සඳහා තෝරා ගනු ලබන්නේ මේ කාලයයි. ජර්මන් ජතික හෙල්මුට් සයිමන් සහ ඔහුගේ බිරිඳ එරිකා ඇල්ප්ස් කඳු තරණය සඳහා සැප්තැම්බර් මස මැද
භාගය තෝරා ගන්නා ලද්දේ මේ නිසාය.
කඳු වැටියේ ඔස්ට්‍රියාව දෙසින් ඇල්ප්ස් තරණය ආරම්භ කල දෙදෙනා මුලින්ම කඳුකරයේ
පමණක් පිපෙන විවිධ වර්ණ මල් වලින් පිරී තිබුණ තණ පිට්ටනි හරහා ගමන් කලහ.
ඉන් ඔබ්බෙහි අහස සිප ගෙන සිටියේ කිසිදා දියවී නොයන හිම පිරී කඳු ශිඛරයන්‍ ය.
පියවරින් පියවර නිල්ල පසුවන විට ගමන දුශ්කර එකක් විය.අයිස් තට්ටුවකින් වැසී තිබුනු සිම්ලෝන් නමින් හැඳින් වූ ප්‍රදේශයට පැමිනෙන විට ගමන අතිශයින්ම දුෂ්කර හා අනතුරු දායක විය. මෙහිදී ශක්තිය,ෙධර් යය,ඉවසීම මෙන් ම පලපුරුද්දද අවශය විය.මේ වන විට සයිමන්
යුවල කන්දේ මුහුදු මට්ටමින් මීටර් තුන් දහස් දෙසිය දහයක් උඩට නැග සිටියෝය.
ගහ කොළින් තොර වූ පරිසරය සුදෝ සුදු රෙද්දක් ඇතිරුවාක් මෙන් හිම විසින් වසා සිටින ලදී.
තද හිරු රශ්මිය, හිම මතු පිටට වැදී පරාවර්ථනය වීමෙන් ගත උණුසුම් කලේය.
තැනින් තැන පිහිටි,හිමෙන් වැසී ගිය කඳු ශිඛරයන් වලාකුලින් තොර නිල් අහස වෙත එසවී තිබිණි.
පහත බැලූ ඔවුන්ට පෙනුනේ කඳු මතින්දිය වී ගිය හිම විසින් තැනින් තැන නිර්මාණය කරණ ලද
නිල් පැහැති ජලයෙන් පිරී ගිය,විවිධ හැඩයෙන් යුත් ලොකු කුඩා විල් සමූහයකි.
අවට දර්ශණය කෙතරම් සොඳුරු උවද, සිම්ලෝන් අයිස් තට්ටුව තරණය කිරීම ජීවිතය පරඳුවට
තැබීමකි. එ බැවින් සාමාන්‍ය ගමන් මග මඟ හරවා වෙනත් අතුරු මර්ගයක් ඔස්සේ ඉදිරියට යාමට සයිමන් යුවල තීරණය කළහ.
ඒ අනුව සිම්ලෝන් අයිස් තට්ටුව අයින දිගේ ඔට්ස්තාල් තැන්න හරහා දෙදෙනා ඉදිරියට ඇදුනාහ.
මෙසේ ගමන් කල යුවලට සුදෝ සුදු හිම මත වූ කළු පැහැති යමක් නෙත ගැටිනි.
කුතුහලයෙන් පිරී ගිය ඔවුන් ඒ වෙත ලඟා වූ විට දැක ගත හැකි වූයේ මෙතෙක් දුටු ප්‍රියජනක
දර්ශනයන්ට වඩා හාත්පසින්ම වෙනස් දසුනකි.

No comments: