Tuesday, July 15, 2008

ඔට්සි 4

පුරා විද්‍යා අංශය මගින් සිරුර හමු වූ ස්ථානයේ කැණීම් කරණ ලදී.සිරුර හැඳින්වීම සඳහා මේ පිලිබඳව පරීක්‍ෂණ කලවුන් විසින් සිරුර මේ දක්වා වැලලී සිටි ඔට්ස්තාල් තැන්න සිහි ගන්වමින් ඔට්සි යන නම තබන ලදී. මේ අතර සිරුර වැලලී සිටි ස්ථානයේ කරන ලද කැණීම් වලදී,එලු සමින් කරන ලද කබායක්,ඊ තල දෙකක්,නිම නොකල ඊ තල දොලහක් ඊතල බහාලූ කොපුවක් වැනි සම් මල්ලක්,වේලා ගත් තෘණ වර්ගයකින් වියා ගත් පැදුරකට සමාන වූ පොරෝනයක්,ලීමිටකට මුවහත් ගල් පතුරක් තබා බැඳ ගැනීමෙන් සාදාගත් පිහියක්,ගස් වල පට්ටා වලින් වියා ගත් ලණු පොට වල් කීපයක් මුවහත් ගල් පතුරු කීපයක් හා කවුරුත් විශ්මයට පත් කරමින් ලී මිටකට සෙන්ටිමීටර දහයක් දිග තඹ තලයක් තබා බැඳ ගැනීමෙන් සාදා ගන්නා ලද පොරවක්ද සොයා ගන්නා ලදී. තඹ වලින් සාදා ගන්නා ලද පොරෝ තලය දුටු විගස සියල්ලෝම තීරණය කලේ ඔට්සි ගල් යුගයේ අවසන් අවස්ථාවේ විසූ අයකු බවය. ගල් යුගයට අයත් අංග සම්පූර්ණ මෙවලම් තොගයක් එකම ස්ථාණයක තිබී සොයා ගත් පලමු අවස්ථාව මෙය විය. සොයා ගන්නා ලද ඔට්සිගේ මමිය ගල් යුගයට අයත් දඩයක්කරුවෙකුගේ බව වහා තීරණය විය.ඊ ලඟ කාර්‍ය වූයේ ඔට්සිගේ මමිය කෙතරම් පැරණි දැයි දැණ ගැණීමය.මේ සඳහා මමිය කාබන් කාල නීර්ණ පරීක්‍ෂණයකට ලක් කරන ලදී. පරීක්‍ෂණ වාර්තාව දූටු පරීක්‍ෂකයෝ ඒ ප්‍රථීඵල එක් වරම ප්‍රකාශ කිරීමට මැලිවූහ

ඔවුන් ඉතා නිහතමානීව කියා සිටියේ කාබන් කාල නීර්ණ පරීක්‍ෂණයේදී තමන් අතින් යම් වරදක් සිදු වන්නට ඇති බවය. මේ නිසා එකිනෙකට වෙනස් කන්ඩායම් කීපයක් ලවා මේ පරීක්‍ෂණය නැවත කිහිප වතාවක් කරණ ලදී.

ඒ වාර්තා සසඳා බැලීමේදී පෙනීගියේ සියලුම පරීක්‍ෂණයන්ගේ ප්‍රථිපල සමාන බවය.


No comments: