Thursday, July 24, 2008

ඔට්සි 7

මේ අතර දීර්ග නීතිමය ක්‍රියා වලියකින් පසුව ඔට්සිගේ අයිතිය ඉතාලිය සතූ විය.1998 මාර්තු මස
මමිය විශේෂ යානයකින් විශේෂ ආරක්‍ෂාව යටතේ තමා ඉපදී හැදී වැඩුණු බිම වෙත යලිත්
පැමිණියේය. ඉතාලියේ ට්‍රියෝලි ප්‍රදේශයේ බොල්සානෝ නගරයේ ඔහු වෙනුවෙන් විශේෂ කෞතුකාගාරයක් ඉදිවිය.මෙහි ඔහුගේ කුටිය තුල වර්ෂ 1991සැප්තැම්බර් මස 19 වැනි දින සවස
3.30 වන තුරු වැලලී සිටි ඔට්ස්තාල් තැන්නේ හිම යට තිබූ වාතාවරණය කෘතිමව නිර්මාණය
කරන ලදී.මේ කුටියේ බිත්ති මුදවා ගත් අයිස් පතුරු බීත්ති ගඩොල් මෙන් ඇල්ලීමෙන් නීමකර ඇත්තේ ඇස්කිමෝවරු වාසය කරන ඉග්ලු නිවහනක් සිහිගන්වමිනි. මේ විශේෂ කෞතුකාගාරය විවෘත කිරීමේ උත්සවයට මමිය මුල් වරට සොයා ගත් සයිමන් යුවල විශේෂ අමුත්තන් ලෙස
සහභාගි වූහ.

ක්‍රි.ව. 2001 ජුනි මස මමිය පරීක්‍ෂාකර බැලූ ඕස්ට්‍රේලීයාවේ බ්‍රිස්බෙන් හි ක්විස්ලන්ඩ් විශ්ව විද්‍යාලයේ
මහාචාර් ය තෝමස් ලොයිගේ විශේෂ අවධානය ඔට්සිගේ දකූණු උරහිස හා වම් වලලු කර ප්‍රදේශයේ වූ පච්ච සලකුණු වලට සමාන තිත් පෙල වෙත යොමු විය.
ඒවා සත්ව ඇට කටුවකින් හෝ ලීයෙන් ඉතාම සිහින්ව සාදා ගත් ඉඳි කටුවකට සමාන දෙයකින් කර ඇති සිදුරු පෙලක් බවත් ඒමගින් ශරීරය තුලට ඉතාම සිහින්ව අඹරා ගත්
කුඩු වර්ගයක් හෝ අලු වර්ගයක් එන්නත් කර ඇති බවත් සොයා ගන්නා ලදී.
මේ ප්‍රති කර්මය කර ඇති ස්ථාන චීන කටු සැත්කම් වල දී උදරාබාධ සහ කොන්දේ වේදනාව
සඳහා චීන කටූ එන්නත් කරනු ලබන ශරීරයේ ස්ථාන හා මනාව සැසඳේ. ඔට්සි ජීවතුන් අතර
සිටියදී උදරාබාධ වලින් පෙලුනු බවට ඔහුගේ ආමාශයේ හා බඩ වැල් තුල තිබී සොයා ගන්නා
ලද කොකු පනු බිත්තර සාක්‍ෂි දරයි. තමන් විසූ ගල් ලෙන් තුල වූ තෙතමනය හා සීතල නිසා
ගල් යුගයේ මිනිසා කොඳු නාරටියේ හා හන්දිපත් වල වේදනා වලින් පීඩා විඳීය.
ඔට්සි මේ රෝග දෙකින්ම පීඩා විඳි අතර මේ සඳහා ඔහු ගත් ප්‍රතිකාරය මේ කටු සැත්කම විය
හැකිය.චීන කටු සැත්කමේ මූලාරම්භක යුගය ලෙස වාර්තා වන්නේ මීට වසාර දෙදහසකටත් වඩා
පසු යුගයකි. එසේ නම් කටු සැත්කමේ මූලාරම්භය යුරෝපය වීද යන්න තවමත් නොවිසඳුණ ප්‍රශ්ණයකි.

1 comment:

Anonymous said...

තව ටිකාක් විතර දවසකට ලියන ප්‍රමාණය වැඩි කරන්න එහෙම බැ නේද?
:)
මුල ටික අමතක වේගෙනත් යනවා :)