වියලා ගත් තෘණ වලින්ම වියා ගත් පැදුරකට සමාන වූ උනුසුම් පොරෝණය සීතලෙන් ආරක්‍ෂාවීම සඳහා ලොම් කබාය මතු පිටින් පොරවා ගැනීමට පාවිච්චි කල අතර නිදා ගැනීම සඳහා පැදුරක් ලෙසද පාවිච්චි කරන්නට ඇත.ගස් වල පට්ටා සිහින් තීරු දෙකක් එකට තබා අඹරා ගත් ලණු පොටවල් නිසැකයෙන්ම අල්ලාගත් හෝ මරාගත් සතුන් ඔසවා ගෙන යාම පහසු වීම සඳහා ඔවුන්ගේ කකුල් එකට තබා බැඳ ගැනීමට පාවිච්චි කලා විය හැක.ලී මිටකට තබා බැඳ ගත් මුවහත් ගල් පතුර මස් වැනි දේ කපා ගැනීම සඳහා පිහියක් ලෙස පාවිච්චි කල අතර නිවැරදි ඉලක්කය වෙත ලඟා වීම පහසු කරවීම සඳහා ඊතල අගට බැඳීමට පාවිච්චි කල කුරුලු පිහාටු කිහිපයක් ද, ඊතල දෙකක් සහ නිම නොකල ඊතල දොලහක් ද තවමත් සාදා නිම නොකල දුන්නක්ද, ඔහු ගේ මෙවලම් අතර විය. සෙන්ටි මීටර දහයක් දිග වූ තඹ තලයක් සහිත පොරව පිලිබඳව ස්ථීර නිගමණයකට තවමත් එලැඹී නැත. ඔට්සිගේ යුගයට නව තාක්‍ෂණයක් වූ මේ ලෝහ තලය ඔහුට ලැබුනේ කෙසේද,ගල් යුගය අවසන් කරමින් මුල්ම ලෝහය ලෙස තඹ මුලින්ම සොයා ගැනීමේ ගෞරවය හිමි වන්නේ ආසියාවටය. මේ සොයා ගැනීම සිදු වූයේ ද ඔට්සිගේ යුගයට වසර තුන්සීයකට පමන පසුය. ඔට්සිගේ ශරීරය පුරා කොටා ඇති පච්ච සලකුණු 58 පවසන්නේ කුමක්ද,දැනට ඒවා කිසිම මෝස්තරයකට කරන ලද ඒවා නොවන බවක් පෙනුනද, ඒවා තුල යම් කිසි රහසක් සැඟ වී ඇති බව මේ පිලිබඳව පරීක්‍ෂණ පවත්වන්නෝ පවසති. ඇතැම් විට අද මෙන් එදා ගත සැරසීමේ අදහසින් පච්ච කෙටුවා නොවන්නට පුලුවන. එසේ නම් එදා පච්ච කෙටීම ප්‍රතිකාර ක්‍රමයක් වීද,
Thursday, July 17, 2008
Subscribe to:
Post Comments (Atom)
2 comments:
අපෝ මොකද මේ, එක දිගටම ලියන්කො. අයියෝ ඔයා නම්. හරිම චාටර්
සටහන රසවත් නිසාමද මන්දා ඉක්මනට කියවන්න මයි හිතෙන්නේ. ඒත් මෙක පලවෙන්නේ කොටස් වශයෙන්නේ. බලං ඉන්න වෙනවා. ඒවුනත් ඉක්මනට පල කරනවානං හුඟක් අගෙයි නේද? :)
Post a Comment