Monday, July 28, 2008

ඔට්සි 8

මහාචාර්‍ය ලෝයි ඔට්සිගේ මෙවලම් අතර වූ ගල් පතුරැ පිහිය ඊ තල දෙක හා එලු සමින්
කල කබාය මත වූ ලේ පැල්ලම් පරීක්‍ෂාවට ලක් කලේය. එහිදී ඒවා මත තැවරී තිබුණු ඔට්සිගේ නොවන විවිධ පුද්ගලයින් හතර දෙනෙකුට අයත් එකිනෙකට වෙනස් වර්ග හතරක
ලේ පැල්ලම් සොයා ගන්නා ලදී. ගල් පිහිතලයේ වූ ලේ පැල්ලම ඔට්සි විසින් පිහියෙන් ඇන කෙනෙකු මරා දමා ඇති බව පෙන්නුම් කලේය.එක් ඊතලයක වර්ග දෙකකට අයත් ලේ
පැල්ලම් විය.මින් අදහස් කලේ ඔහු හීයෙන් විද මිනිසුන් දෙදෙනෙකු මරා දැමූ බවය.ඒ සෑම විටකම යලිත් පාවිච්චිය සඳහා ඊතලය සතුරු සිරුරු වලින් එලියට ඇද තමා ලඟ තබා
ගත්තේය. හතරවන ලේ පැල්ලම ලොම් කබායේ උරහිස මත තිබී සොයා ගන්නා ලදී.
මෙහි දී ලෝයිගේ නිගමනය වූයේ ඔට්සි විසින් බරපතල තුවාල ලද කෙනෙකු තම කර
පිටින් බොහෝ දුර උසුලා ගෙන ආ බවයි.මේ සියල්ල හොඳින් අධ්‍යනය කල මහාචාර්‍ය ලෝයි පැවසුවේ ඔට්සි මිය යෑමට පැය විසි හතරකටත්,හතලිස් අටකටත් අතර කාලයකට පෙර
තවත් තමාගේ මිතුරෙකු සමඟ සතුරන් සමූහයක් හා සටන් වැදුනු බවය.
මේ සටන් කෙරුනේ කා සමගද, ඇල්ප්ස් කඳු වැටියේ මුහුදු මට්ටමින් මීටර් 500ත් 1000ත්
අතර උස ප්‍රදේශ වල මේ යුගයේ ගෝත්‍ර හෝ පවුල් 4කින් 5කින් සැදුම් ලද කන්ඩායම් බොහෝ ගනනක් වසය කලහ.කඳු වැටියේ බොහෝ තැන් පුරා විද්‍යාත්මක වටිනා කමක් ඇති
ස්ථාන ලෙස සිතියම් මත සලකුණු වී තිබුනද මේ ස්ථාන වල කැණීම් ස්වාභාවික හේතූන් මත
මේ දක්වා කෙරී ඇත්තේ ඉතා මද වශයෙනි.
වල් සෙනාලෙස් යන ස්ථානයේ කෙරුණු කැනීම් වල දී ක්‍රි. පූ. 3000ට අයත් ගමක නටඹුන්
හමු වී තිබුනි. මේ පවුල් හෝ ගෝත්‍ර අතර තම ප්‍රදේශ සීමා පිලිබඳව නිතර ආරවුල් ඇතිවිය.
සමහර විට ඔට්සි හා තම මිතුරා මේ ප්‍රදේශ සීමා නීති උල්ලංඝණය කිරීම සටනකට මුල පිරුවා
විය හැක. ක්‍රි.ව.2001 ජුනි ,මස 28 වෙනි දින කරන ලද වැදගත් සොයා ගැනීම වූයේ මමියේ වම් උරහිසට මදක් පහතින් වූ තුවාලයයි. මෙය පරීක්‍ෂා කිරීමේදී එය උල් කරගත් ලීයකින්
සාදාගත් ඊ තලයකින් විද කරන ලද තුවාලයක් බව පෙනුනි.1991 සිට කරන ලද සිය ගනනක් වූ පරීක්‍ෂණයන්ගෙන් මේ මරාන්තික තුවාලය මග හැරී ගියේ කෙසේද,
මේ පිලිබඳව ඔස්ට්‍රියාවේ ඉන්ස්බෘක් විශ්ව විද්‍යාලයේ මමිය භාරව සිටින වග කිව යුත්තෝ නිදහසට කරුණු ඉදිරිපත් කලහ. පරීක්‍ෂණය සඳහා මමිය තැන්පත් කර තිබුණු අධිශීතකරණයෙන් පිටතට පිටත තබා ගත හැකි වූයේ විනාඩි 30 ක උපරිමයක් දක්වා පමණි. මේ විනාඩි 30 ඇතුලත බොහෝ පරීක්‍ෂණයන් කල යුතුව තිබිණි. මේ කාලය තුල රසායනාගාරයේ තිබූ සාමාන්‍ය උෂ්ණත්වය තුල අනාවරණය වූ සිරුර යලිත් පෙර තිබූ තත්වයට පත්කර ගැනීමට අධිශීතකරණය තුලදී තවත් පැය 48 ක කාලයක් අවශ්‍ය විය.
මෙසේ සීමිත කාලයක් තුල අසීමිත දේ කිරීම්මට උත්සාහ කිරීමේදී යම් යම් දේ මග හැරී
යාමට ඉඩ තිබුණු බව මේ නිලධාරීන් පැවසූහ.

2 comments:

Anonymous said...

තව ටිකයි නේ. එහෙනං කමක් නෑ. බැරිවෙයිද ඒ ටික එක ලිපියකින්ම ලිව්වොත්. :)

Anonymous said...

ඕයි, මොන ලබ්බක්ද කරන්නෙ? ලියනවද නැද්ද???