කවිය පිළිබඳ ඉතිහාසය අති පැරණිය. ශාස්ත්‍රානුකූලව කිසිවක ප්‍රභවය සොයාගැනීමට අපහසු අවධියක අනික් සියල්ල මෙන් කවියද දෙවියන් අතින් ලැබුණු දෙයකැයි කල්පනා කල ජන සමාජය කවියට මහත් ලෙස ගෞරව දැක්වීය. එහෙත් අද මිනිසා සියල්ල විද්‍යානුකූලව සොයාබැලීමට වෑයම් කරයි. අප භාවිතා කරන හැම වචනයකම යම් කිසි ලයාන්විත බවක් ඇත. එය අප නිතර දෙවේලේ භාවිතා කරන වචන වලද ඇති බව පරිස්සමින් අසා සිටින විට පැහැදිලි වෙයි. මේ ලයාන්විත බව ප්‍රකටව පෙනෙන අවස්ථාවේදි ගීතය උපන්නේය යන්න අද පිළිගැනීමයි. ගීතය හෝ කවිය එක භාෂාවකට හෝ ජාතියකට සීමා වූ දෙයක් නොවේ. එය සකල භාෂාවන් ට මෙන්ම සකල ජාතීන්ට ද පොදු වූ දෙයකි. සිංහල රාජධානිය වැටෙනවාත් සමග කවීන්ට හෝ ග්‍රන්ථ කතුවරුන්ට අනුබලය ලැබිය හැකි තැනක් නැති විය. රජුන් නැතිවූ කල ඔවුන් රදල ප්‍රභූන් උසස් තැන තබා ග්‍රන්ථ සැපයීමට පටන් ගත්හ. මොවුන්ගේ අනුග්‍රහය හෝ අනුබලය ලබා ගැනුනු කවි පොත් රාශියක් සිංහල භාෂාවට එක්වී ඇත. 17 වන සියවසේදි මුල් යුගයේ සිට 19 සියවසේ අවසාන භාගය වන විට රටේ ආර්ථික සාමාජික පාලන ප්‍රශ්ණ පැවතීම නිසා භාෂාවේ දියුණුවට අවස්ථාවක් නොලැබුනේය. එහෙත් සතුරු උවදුරු හා අනේක බාධාවන් අතර කල් ගත කරමින් ජනතාව අතට මේ යුගයේ සිටි උගතුන් විසින් පත් කරන ලද ග්‍රන්ථ රාශීය දෙස බලන විට ඔවුන්ට අපගේ ගෞරවාදර භක්තිය පිරිණැමිය යුතු ය. අපේ රටේ සිටි කෘතහස්ත කවියන් කිහිප දෙනෙකු වන පී.බී.අල්ව්ස් පෙරෙරා ,සාගර පලන්සූරිය,විමලරත්න කුමාරගම,එච් එම්.කුඩලිගම,මීමන ප්‍රෙමතිලක, ඇස්. මහින්ද හිමි,පියදාස සිරිසේන වැනි ශ්‍රේෂ්ඨයන් අප අදද සිහිකරන්නේ ඉමහත් බැති සිතිණි. කවිය කුමක්දැයි තේරුම් කරදීම තරමක් අපහසු වැඩකි. අවබෝධය මෙන්ම රස විඳී ගැනීම කවියේ පරමාර්ථය වෙයි. උසස් අදහස් කමණීය භාෂාවකින් ගීතවත් පරිදි කරණ රචනාව කවිය ලෙස මා දකිමි. කවිය යනු කුමක්දැයි වටහා ගැනීම මා ඔබටම භාර කරමි. |
Friday, April 25, 2008
කවිය
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment